Friday, March 29, 2024

General line - 0115112241

පොහොට්ටුවේ නව සන්ධානයට චන්ද්‍රිකාත් එක්කර ගැනීමට සාකච්ඡා




නව සන්ධානය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එක්කර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බවයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග නව සන්ධානයක් ගොඩනැගුව ද එක්සත් ජනතා නිදහස් සන්ධානය අහෝසි වී නොමැති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.