Thursday, April 18, 2024

General line - 0115112241

හඬපට ගැන අදත් පාර්ලිමේන්තුවේ වාද විවාද




පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬපට සම්බන්ධයෙන් අද (18) දිනයේ ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද සංවාදයට එක්වුණා. 

හඬපට සභාගත කිරීම සම්බන්ධයෙන් එළඹුනු එකගතාව පිළිබඳ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී අදහස් පළ කළා. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙහිදී අදහස් පළ කළා. 

මේ අතර පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ මන්ත්‍රීවරයෙකු විසින් සභාගත කරන ලේඛන සිය කථාවට අදාළත්වයක් තිබිය යුතු බව කථානායක කරූ ජයසූරිය මහතා අද ප්‍රකාශ කළා. එලෙස සභාගත කරන ලේඛන කථාව අවසන් වූ වහාම සභා මේසය මත තැබිය යුතු බවයි අවධාරණය කෙරුණේ. 

එලෙස සභාගත කරන ලේඛනයක් නැවත සංස්කරණය කිරීමක් පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටියක් නොවන බවත් එලෙස සිදු නොකරන්නේ නම්, සභාගත කරන ලේඛන ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවත් එහිදී ප්‍රකාශ කෙරුණා. 
කථානායක කරු ජයසූරිය මහතා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් සභාගත කරන ලද හඩපට සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් සිදුකරමින්.