Saturday, April 20, 2024

General line - 0115112241

IS ප්‍රහාරයෙන් මියගිය පූජකයාගේ අවසන් කටයුතු සිදු කෙරේ




අයි එස් ප‍්‍රහාරයකින් මියගිය ප‍්‍රංශ පූජකවරයාගේ අවසන් කටයුතු දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද ඊට එක්ව සිටි බවයි.

ප‍්‍රංශයේ උතුරුදිග රුවාන් ප‍්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් භාරව සිටි අදාළ පූජකවරයා ඝාතනයට ලක්වූයේ ඉකුත් සතියේදීයි. අවිගත් අයි එස් සාමාජිකයන් දෙදෙනෙකු එම දේවස්ථානයේ දේව මෙහෙයක් පැවැත්වෙන අවස්ථාවේදී ඊට කඩා වැදී එහි සිටි පිරිසක් ප‍්‍රාණ ඇපයට ගනු ලැබුවා. එම අයි එස් සාමාජිකයන් දෙදෙනා අදාළ පූජකවරයා ඝාතනය කළ බවටයි පසුව අනාවරණ වුණේ.

එරට ආරක්‍ෂක අංශ එල්ල කළ  ප‍්‍රහාරයකින්, ප‍්‍රහාරයට පැමිණි අයි එස් සාමාජිකයන් දෙදෙනාද ජීවිතක්‍ෂයට පත් වුණා.

Image