Friday, April 26, 2024

General line - 0115112241

කෝවිඞ් 19 සඳහා වූ එන්නත පිළිබඳ බලාපොරොත්තු ඈතට යයි




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2,009 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ගතවූ පැය 24 තුළදී චීනයෙන් තවත් කොරෝනා මරණ 136 ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව චීනයෙන් මේ වනවිට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 2,004 ක්. එසේම ගතවූ පැය 24 තුලදී චීනයෙන් නව කොරෝනා ආසාධිතයින් 1,749 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ වනවිට චීනයෙන් පමණක් වාර්තා වන නව කොරෝනා අසාධිතයින්ගේ සංඛ්‍යාව 74,185 ක්. චීනය ද ඇතුළුව රටවල් 30 පුරා ව්‍යාප්තව පවතින මෙම වෛරසය ආසාධනය වී ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 75, 198 ක් වනවා. 

මේ අතර චීනයට පසුව වැඩිම නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ජපානය තුළ මේ වනවිට සිටින කොරෝනා ආසාධිතයින් ගණන 542 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ජපන් මුහුදු සීමාවේ රඳවා තබා ඇති සුඛෝපභෝගී ඩයමන්ඞ් පි‍්‍රන්සස් නෞකාවේ සිටි පුද්ගලයින් 88 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව ඊයේ (18) තහවුරු කර ගැනීමත් සමගයි.

ජපානයට පසුව වැඩිම නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව සිංගප්පූරුවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 81 ක්.

කෙසේවෙතත් කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය සඳහා එන්නතක් නිපදවීමට තවත් මාස 12 ක් හෝ මාස 18 ක කාලයක් ගතවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ආදනම් ඊයේ ප‍්‍රකාශ කළා.