Thursday, March 28, 2024

General line - 0115112241

පොලිසියේ උසස්වීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ කැඳවේ




ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන සිකුරාදා සිට ආරම්භ වනවා. 

සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති මුළු සංඛ්‍යාව 476 ක්. ඒ අතරින් 462 දෙදෙනෙකු ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්. කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 14 දෙනෙකු ද මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා තිබෙනවා. 

කෙසේවෙතත්, සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස මෙහිදී උසස් කිරීමට නියමිතව ඇත්තේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 60 දෙනෙකු පමණයි.

කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් අතරින් 10 දෙනෙකු ද මෙහිදී සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස උසස්වීම් ලබනු ඇති. 

මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ වැඩබලන පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්.