Friday, March 29, 2024

General line - 0115112241

සුවය ලැබූ චීන කත රෝහලෙන් යයි : ප්‍රතිකාර කළ IDH රෝහලේ කාර්යය මණ්ඩලය පත්වූ අසීරුතාවන් ගැනත් හෙළිදරව්වක් (PHOTOS)




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී අයි ඩී එච් උණ රෝහලට ඇතුළත් කෙරුණු 43 හැවිරිදි චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබා අද එම රෝහලෙන් පිටව ගියා. ඒ, වෛද්‍යවරුන්ට, රෝහල් කාර්යය මණ්ඩලයට සහ ලක් රජයට ද තුති පුද කරමින්. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය බලධාරින් රැසක් ද එක්ව සිටියා.

IDH උණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඇය රෝහලෙන් පිටව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් සුව කිරිම සඳහා සියලු දෙනා දැක්වූ සහයෝගයට ස්තූතිය පළ කරන බවයි. දින 26 ක කාලයක් තමා රෝහලේ නේවාසිකව සිටි බවත්, ප්‍රතිකාරවලට පමණක් සීමා නොවූ සුදහශීලී සත්කාරයක් තමන්ට හිමිවූ බවත් ඇය ප්‍රකාශ කළා. එසේම තමාට උපකාර කළ සියලු දෙනා මුණගැසීමට යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට ද අපේක්ෂා කරන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. 

ඇයට රෝහලේදී සත්කාර කළ හෙදියක වන කුමාරි අමරසේන, ප්‍රතිකාර කාලසීමාවේදී තමන් ඇතුළු අනෙකුත් හෙදියක් මුහුණදුන් අත්දැකීම් පිළිබඳ මාධ්‍ය වෙත මෙලෙස විස්තර කළා. 

මෙම චීන ජාතික කාන්තාව වෙනුවෙන් රෝහල් කාර්යය මණ්ඩලය කැපවී ප්‍රතිකාර කටයුතු කළ බවත්, ඇතැම් අවස්ථාවල රෝහලෙන් පිටතදී සිය කාර්යය මණ්ඩල සාමාජිකයින් පත්වූ අපහසුතාවන් පිළිබඳවත් හෙද නිලධාරිනී කුමාරි අමරසේන මෙලෙස අදහස් පළ කළා. 

පූර්ණ සුවය ලැබූ චීන කාන්තාව රෝහලෙන් පිටව යන අවස්ථාව සඳහා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ද එක්ව සිටියා. ඔහු කියා සිටියේ මෙරට සෞඛ්‍ය අංශ කොරෝනා වෛරසයේ අවධානම සම්බන්ධයෙන් වහා පියවර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ එම වෛරසය පැතිරයාමට තිබූ අවධානම අවම වූ බවයි. 

මේ, එම අවස්ථාවට එක්වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි.