Friday, April 19, 2024

General line - 0115112241

මහ මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය පවත්වනවා - ඇමති නිමල් සිරිපාල කියයි 




පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතී මේ වන විට සකස් කරමින් තිබෙන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කලේ මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශය සමග එක්ව ඒ සම්බන්ධයෙන් මේ වන විට කටයුතු ආරම්භ කර ඇති බවයි.

පළාත් සභා මැතිවරණය වසර ගනණාවකින් පැවැත් වුයේ නැහැ .ඒ නිසා ජනතාවට අවශ්‍ය සේවය සිදු කර ගන්න බැහැ. පළාත් සභා වලින් වන සේවය පිළිබදව පළාත් සභා ඕන ද නැද්ද කියන එක වෙනම කාරණයක් නිසා ඒ පිළිබදව වෙනම සාකච්ඡා කළ යුතුයි. ඒත් පවතින නීතියට අනුව පලාත් සභා මැතිවරණය පැවැත්වීමට අපි පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම කටයුතු කරන බව කිව යුතුයි. ඒ සදහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කරමින් තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියා.

ජනතාවගේ ගැටළු සදහා ක්ෂණික නිවැරදි විසදුම් ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ වන රජයේ ප්‍රතිපත්තිය බවයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.