Thursday, April 18, 2024

General line - 0115112241

කාවිංග පෙරේරා රිමාන්ඩ් (UPDATE)




බිමත්ව රිය පදවා මාරක රිය අනතුරක් සිදුකොට පළා යාමේදී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා ලබන මාර්තු මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මතුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි එක් දරු පියෙක් බවයි වාර්තා වන්නේ. 

...................................................................

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා අත්අඩංගුවට : මාරක රිය අනතුරක් කර පළා ගිහින්

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු බිමත්ව රිය පදවා මාර්ග අනතුරක් සිදුකොට පලා යාමේදී මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (18) රාත්‍රියේදී කාවිංග පෙරේරා තලංගම ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුකොට ඇති අතර එම අනතුරෙන් මාර්ගයේ නඩත්තු කටයුතු වල යෙදී සිටි සේවකයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

ඔහු රිය අනතුර සිදුකොට වාහනය නොනවත්වා පළා යාමේදී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ. 

කාවිංග පෙරේරා අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.