Thursday, March 28, 2024

General line - 0115112241

කොරෝනා නිසා රුසියාවත් චීන වැසියන්ට දොර වසයි




චීන වැසියන් සිය රටට ඇතුළුවීම වළක්වාලමින් රුසියානු රජය තහනමක් පනවා තිබෙනවා. තාවකාලිකව පැනවූ එම තහනම හෙට මධ්‍යම රාත්‍රියේ සිය ක්‍රියාත්මක වන බවයි රුසියානු බලධාරීන් පැවසුවේ. තහනම සඳහා වන නියෝගයට අත්සන් තබා ඇත්තේ රුසියානු අග්‍රාමාත්‍යවරයායි. චීනය තුළ දරුණු ලෙස පැතිර පවතින කෝවිඞ් 19 හෙවත්, නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙම තීරණය ගත් බව රුසියාව ප්‍රකාශ කළා. 

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ චීනය සමග මෙන්ම මොන්ගෝලියාව සමග ද පවතින දේශසීමා වසා දැමීමට ද රුසියාව මේවනවිටත් කටයුතු කර අවසන්.