Saturday, April 20, 2024

General line - 0115112241

හංසයාගෙන් තරග වදින්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි - තීරණය රැගෙන පස්වරුවේ මැතිවරණ කොමිසමට




ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජනබලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව යටතේ හංසයා ලකුණින් තරග වැදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) තීරණය කළා. ඒ, අද පෙරවරුවේ පැවැති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජනබලවේගයේ නියෝජිතයින් අද පස්වරු 01.30 ට මැතිවරණ කොමිෂන් සභාවට ඒ පිළිබඳ දැනුම් දීමට නියමිතව තිබෙනවා. 

ඒ, එළඹෙන මහ මැතිවරණයේදී හංසයා ලකුණ භාවිත කිරිමට නීතිමය අවසර පවතින්නේ දැයි විමසා බැලීම සඳහායි. අද පැවැති එක්සත් ජාතික කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයන් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ද මෙහිදී අදහස් පළ කළා.