Thursday, April 25, 2024

General line - 0115112241

විල්පත්තු නැවත පදිංචි කිරීම් වලට එරෙහි පෙත්සම ගැන තීන්දුවට දින දෙයි 




විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සමේ තීන්දුව අප්‍රේල් මස 03 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කළා.   

මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණයේ විනිසුරු ජනක් ද සිල්වා මහතා සහ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැදවූ අවස්ථාවේ පැමිණිලි සහ වග උත්තරකාර පාර්ශ්වකරුවන් සිය වාචික දේශන අවසන් කරන ලදීයි. 

 මෙම පෙත්සමට අදාළ ලිඛිත දේශන මාර්තු මස 18 දාට පෙර ගොනු කරන ලෙසට අභියාචනාධිකරණය පාර්ශ්වයන් වෙත නියෝග කරන ලදී. 

මෙම පෙත්සම විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා. වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත.