Friday, April 19, 2024

General line - 0115112241

අජිත් ප්‍රසන්න කොන්දේසි සහිත ඇප මත මුදා හැරේ 

අධිකරණ වාර්තාකරු




මහාධිකරණය හමුවේ විභාග වන නඩු සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණයට අපහාස කිරීම, අධිකරණ කටයුතු සහ විනිසුරුවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (19) නියෝග කළා .  

ඒ අනුව ඔහු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට විනිසුරු විනිසුරු ධම්මික ගනේපොල  මහතා නියෝග කරනු ලැබුවේ.

තවද ඇප කොන්දේසියක් ලෙසට මින්පසු කිසිදු මාධ්‍ය ආයතනයකට දැනට අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් අදහස් පළ නොකරන ලෙසට විත්තිකරුට නියෝග කළා. තවද විත්තිකරු මෙම ඇප කොන්දේසි වලට අවනත වනවාද නැද්ද යන්න නිරීක්ෂණය කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නියෝග කරන ලදී. 

මේ සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් ද දැනුවත් කර දන්වන ලෙසට මහාධිකරණය නියෝග කළා. විත්තිකරු නැවත මෙවැනි වැරැදි නොකරන බවට ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කරන ලෙසට ඉල්ලා සිටියා. මෙම නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට විත්ති පාර්ශ්වය බලාපොරොත්තු වන බව අධිකරණයට දැනුම් දුන්නා. 

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට එරෙහිව පවතින නඩුවක් ඇතුළු තවත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සම්බන්ධයෙන් මොහු මාධ්‍ය හමුවලදී විවෙච්නයට ලක්කර ඇති බව නීතිපතිවරයා චෝදනා කර සිටියි. මෙම නඩුව යළි මාර්තු මස 4 දා යලි කැදවීමට නියමිතයි.