Saturday, April 20, 2024

General line - 0115112241

කපිල චන්ද්‍රසේන සහ බිරිඳ යලි රිමාන්ඩ් 




ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක ලබන මස 4 වැනිදා තෙක් රක්ෂිත යළි  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළා.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී  බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුහු අධිකරණයට රැගෙන එනු ලැබුවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලට ගැනීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් ලබාගත්තැයි කියන සිද්ධීයට සම්බන්ධව මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.