Saturday, April 20, 2024

General line - 0115112241

රන්ජන්ගේ හඬපට ප‍්‍රසිද්ධ කරනවාද? නැද්ද? - තීරණය අද




පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සභාගත කළ හඬපට ප‍්‍රසිද්ධ කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (20) තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැත්වෙන පක්‍ෂ නායක  රැස්වීමේදීයි. 

පක්‍ෂ නායක රැස්වීමකදී මීට පෙර ඇති කරගත් එකඟතාවකට අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සභාගත කළ හඬපට මන්තී‍්‍රවරුන් වෙත ලබාදීමට කථානායකවරයා ඉකුත් අඟහරුවාදා සූදානම් වුණා.

එහෙත් එම අවස්ථාවේදී ඊට පාර්ශ්ව කිහිපයකින් විරෝධතා එල්ල වීම හේතුවෙන් 
ඒ පිළිබද පක්‍ෂ නායකයින් සමග නැවත සාකච්ඡා කිරීමට කථානායකවරයා යෝජනා කළා.

අද පැවැත්වෙන පක්‍ෂ නායක රැස්වීමේදී ඒ පිළිබද සාකච්ඡාවට ගැනෙන්නේ ඒ අනුවයි.