Thursday, March 28, 2024

General line - 0115112241

"ශ්‍රී ලංකාව දැන් හිතවත් රටක සහය ගත යුතුයි"




අමෙරිකාව සහ ශී‍්‍ර ලංකාව සම අනුග‍්‍රාහකත්වය දක්වමින් ඉකුත් රජය සමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ 30/01 යෝජනාවෙන් ඉවත්වීමට වත්මන් රජය ගත් තීරණය පාර්ශ්ව රැසක ප‍්‍රසංශාවට ලක් වනවා.

බටහිර ඉන්දීය කොදෙව්හි ජමෙයිකා තාක්‍ෂණ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා ද පෙන්වා දෙන්නේ රජය ගත් මෙම තීරණය ඉතාම නිවැරදි එකක් බවයි.

ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් හයිබි‍්‍රඞ් අධිකරණයක් පිහිටුවීමට නිර්දේශ කෙරුණේද ප‍්‍රශ්නගත 30/1 යෝජනාවෙන්.

එහෙත් එවැනි හයිබි‍්‍රඞ් අධිකරණයක කිසිදු අවශ්‍යතාවක් ශී‍්‍ර ලංකාවට නොමැති බවද මෙහිදී කියා සිටියා.

ප‍්‍රශ්නගත 30/1 යෝජනාවෙන් ඉවත්වීමට ගනු ලැබූ තීරණය කි‍්‍රයාත්මක කිරීම සඳහා ශී‍්‍ර ලංකාව ගතයුතු පියවරද මෙහිදී විස්තර කෙරුණා. එහිදී පාකිස්ථානය වැනි රටක සහය ලබා ගත හැකි බවයි සඳහන් කෙරුණේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු 30/01 යෝජනාවෙන් ඉවත්වීමට ශී‍්‍ර ලංකාව කටයුතු කළ යුතු බව ඉකුත් අගහරුවාදා නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයට එක්වූ දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරද කියාසිටියා.