Friday, March 29, 2024

General line - 0115112241

විකල්ප තවත් ඇති බව 'සමගි ජන බලවේගය' කියයි




සමගි ජන බලවේගයේ ඡන්ද ලකුණ ලෙස හංසයා යොදා ගැනීම සම්බන්ධයෙන් වන බලාපොරොත්තු තවමත් බිද වැටී නැතැයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

හංසයා ලකුණ යටතේ සමගි ජන බලවේගය ලෙස ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ද අනුමැතිය ලැබී තිබුණා.

එහෙත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග ඊයේ (19) පැවති සාකච්ඡා අවසන් වූයේ විසදුමකින් තොරවයි.

මූලික සාකච්ඡාවක් එලෙස විසදුමකින් තොරව අවසන් වුවත් විකල්ප තවත් තිබෙන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර පෙන්වා දෙන්නේ.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී ඔහු ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූවා.

මහ මැතිවරණයට තරග කිරීම සඳහා අලියා ලකුණම යොදා ගැනීමට නොහැකි හේතුවක්ද මෙහිදී විස්තර කෙරුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.