Thursday, April 25, 2024

General line - 0115112241

වැඩතහනම් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් නියෝගයක් 




වැඩතහනම් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (20) නියෝගයක් නිකුත් කළා. ඒ අනුව මහේස්ත්‍රාත්වරයකු විසින් නිසි ක්‍රමවේදයකින් යුතුව නිකුත් කරන නියෝගයකින් තොරව ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී. 

වැඩතහනම් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා පොලිසියට ලබා දී ඇති උපදෙස් අභියෝගයට ලක්කරමින් ගිහාන් පිලපිටිය මහතා මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.

මෙම රිට් පෙත්සම රිට් පෙත්සම මාර්තු මස 12 දින සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කළා  .