Saturday, April 20, 2024

General line - 0115112241

නායකත්වය අදාළ නැහැ : කණ්ඩායම වෙනුවෙන් උපරිමය කරනවා - ලසිත් මාලිංග




නායකත්වයේ සිටීම හෝ නොසිටීම කණ්ඩායම වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදීමට බාධාවක් නොවන බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පවසනවා. කොදෙව් - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරග 3 ක් සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරග 2 ක් පැවැත්වීමට නියමිතයි. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගි වූ පුහුණු එක්දින ක්‍රිකට් තරගයක් ඉකුත්දා පැවැත්වුණු අතර එය ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමත් වුණා. 

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර තවත් පුහුණු තරගයක් මේ වනවිට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. පන්දුවාර 27 ක් අවසානයේ ඔවුන් කඩුළු 4 ක් දැවී ලකුණු 129 ක් ලබාගෙන සිටියා.