Friday, March 29, 2024

General line - 0115112241

දුම්රිය සේවකයින් 1,490කගේ රැකියා ස්ථිර කෙරේ




වසර 5 කට වැඩි කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම්, ආදේශක, තාවකාලික, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවය කරන සුදුසුකම් සැපිරූ සියළු සේවකයින්ගේ රැකියා ස්ථිර කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ යටතේ දුම්රිය සේවකයින් 1,490 දෙනෙකුගේ රැකියා ස්ථිර කිරීමට නියමිතයි.

මෙම තීරණය සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර වෙත කෘතඥතාව පළ කර තිබෙනවා. අමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇත්තේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ දැඩි ඕනෑකම නිසා දුම්රිය සේවකයින්ට මෙම අවස්ථාව හිමිවූ බවයි.