Thursday, April 25, 2024

General line - 0115112241

ලකුණු ගැන අදහස් දක්වන්න කල් වැඩියි - මැකෝ කියයි




දේශපාලන පක්‍ෂවල ඡන්ද ලකුණු වෙනස් කිරීම සදහා කෙරෙන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට තවමත් කල් වැඩි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු ඒ බව පැවසුවේ එක් එක් දේශපාලන පක්‍ෂ එළඹෙන මහ මැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණක් යටතේ දැයි මේ දිනවල ඇති වී තිබෙන සංවාදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

මේ අතර එළඹෙන මහ මැතිවරණයට සමගි ජන බලවේගය නමින් හංසයා ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉකුත්දා තීරණය කළා. එහෙත් මැතිවරණ කොමිසම සමග ඒ පිළිබද ඊයේ පැවති සාකච්ඡාව අවසන් වූයේ එකඟතාවකින් තොරවයි. පළමු සාකච්ඡාව එලෙස එකඟතාවකින් තොරව අවසන් වුවද විසදුම් තවත් ඕනෑ තරම් ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවා.