Saturday, April 20, 2024

General line - 0115112241

අල්ලස් ගත් හෝමාගම දිසා විනිසුරු සහ ආරක්ෂකයාට වසර 16ක සිර දඬුවමක් 

අධිකරණ වාර්තාකරු




හංවැල්ලේ හෝටල් හිමියකුට පක්ෂව ඉඩම් නඩුවක තීන්දුවක් දීම සඳහා 2013 දී රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් වික්‍රම අබේසිංහ හා ඔහුගේ ආරක්ෂකයා වූ කොස්තාපල් මහින්ද කිත්සිරි යන අයට වසර 16 බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (20) නියෝග කළා .

මෙම සිර දඩුවමට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 20,000 ක මුදලක් ගෙවීමට මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා නියෝග කරනු ලැබුවා. ලබා ගත් අල්ලස් මුදල එනම් රුපියල් ලක්ෂ 3 ක මුදල දණ්ඩණයක් ලෙස අයකිරිමට ද මහාධිකරණය නියෝග කළා.

පැමිණිලිකාරිය වන දීපිකා ශ්‍යාමලී ජයවීරගේ පැමිණිල්ල අනුවඅල්ලස් හෝ දූෂණ කොමිසම මෙම නඩුවපවරා ඇත. පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවෝ 19 දෙනෙක් සාක්කියට කැදවා තිබු අතර නඩු භාණ්ඩ ගණන 16ක් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුනා.