Saturday, April 20, 2024

General line - 0115112241

ඇවන්ගාඩ් නඩුවට අදාළව නීතිපතිවරයා ගොනුකල සංශෝධිත චෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරයි 

අධිකරණ වාර්තාකරු




ගාල්ල ආසන්න මුහුදේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ 2020,935 ක් තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ චෝදනා 882 කින් යුත් සංශෝධිත අධිචෝදනා පත්‍ර භාර නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (20) නියෝග කළා . 

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව දැනට පවතින තවත් චෝදනා 19 කට අදාළ නඩු විභාගය මැයි මස 4 වනදා පැවැත්වීමට විනිසුරු මඬුල්ල තීරණය කළා.

ගාල්ල ආසන්න මුහුදේ  එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂයකට ප්‍රමාණයක් ලග තබාගැනීම තුළින් විත්තිකරුවන් දණ්ඩණීය වරදවල් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.