Tuesday, April 23, 2024

General line - 0115112241

දෙවැනි පුහුණු තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 06ක ජයක්




ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග අද (20) පැවති පුහුණු එක්දින තරඟයෙන් කඩුලු 06 ක ජයක් අත්කර ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 276 ක් රැස් කළා. මිනෝද් භානුක ලකුණු 69 ක් රැස් කළ අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 64 ක් රැස් කිරීමට සමත් වුණා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 43 යි පන්දු 03 කදී කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 277 ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළා. රොස්ටන් චේස් ලකුණු 136 යි.