Saturday, April 20, 2024

General line - 0115112241

වැඩියෙන් දෙනවැයි කියූ මිලියන 25 මල්වතු පන්සලට ක්‍රිකට් ආයතනය දීලා නැහැ : කෝප් කමිටුවේදී හෙළි වෙයි




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් පුහුණු විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම සඳහා වසර 30කට අදාල බදු මුදල් වශයෙන් රුපියල් මිලියන 26.25 මල්වතු පාර්ශවය වෙත ගෙවීමට එකඟ වී තිබුණත් එම බදු මුදල් ප්‍රමාණය ඉක්මවමින් රුපියල් මිලියන 50ක් පරිත්‍යාග වශයෙන් මල්වතු පාර්ශවය වෙත ලබිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බවටද මෙහිදී කරුණු අනාවරණයවී ඇත.

එසේම මෙසේ රුපියල් මිලියන 50 පරිත්‍යාග වශයෙන් මල්වතු පාර්ශවය මහනායක හිමියන් වෙත ලබාදී නොමැති බවත් ලබාදී ඇත්තේ රුපියල් මිලියන 25 පමණක් බවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය. නමුත් ඉතිරි වූ රුපියල් මිලියන 25 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් සතුව තවමත් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් මෙහිදී පවසා ඇත.

මේ අනුව මෙම මුදල් සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්දැයි සොයා බැලීමට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටුව විසින් විගණකාධිපතිවරයාට උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ පත්කිරීමේදී ගිවිසුම් සකස් කිරීටම නීති උපදෙස් ලබාගත් ආකාරය පිළිබඳ තොරතුරු කොප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසද කමිටුව මෙහිදී නිර්දේශ කර ඇත.