Thursday, March 28, 2024

General line - 0115112241

මහා ශිව රාත්‍රි දිනය අදයි - ජනපති අගමැති සහ විපක්ෂනායකගෙන් ජනතාවට පණිවුඩ




මහා ශිව රාතී‍්‍ර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව ජීවත් වන සියළුම ජීවින් පීඩාවන්ගෙන් මුදා ගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත්වූ බව කියන පූජාව ලොවපුරා හින්දු බැතිමතුන් ශිව රාති‍්‍ර දිනයේදී සිහිපත් කරනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් රාමනචන්ද්‍ර කුරුක්කල් බාබුශර්මාතුමන් කියා සිටියේ අද දිනය හින්දු ජනතාව මහත් භක්තියෙන් සමරන දිනයක් බවයි.

----------------------

 

මහා ශිව රාතී‍්‍ර දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසන්නේ අනේකවිද කැළඹිලි, ගට්ටන මැද ඉදිරියට යන ලෝකයක මිනිසාට මානුෂික ශාන්තිය උදා කර දෙන්නේ ආගම විසින් බවයි.

අන්තර් ආගමික සහජීවනය අන් කවරදාකටත් වඩා කුළුගන්වමින් රටේ සෑම ජන කොටසක්ම සිය මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැපවී සිටිනු දැකීම රටේ නායකයා ලෙස ඉමහත් සතුටක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. 

 

-------------

ශිව රාති‍්‍ර දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසන්නේ උසස් ආගම් සහ සංස්කෘතීන්ගෙන් සංකලනය වූ, ඉවසීම සහ සාමය අගයන අභිමානවත් ජාතියක් ලෙස අප ආරක්‍ෂා කර ගත් සාමය තවදුරටත් වැඩිදියුණු වේවායි තමන් විශ්වාස කරන බවයි.

සියළු දෙනා ජාතීන් අතර මිතුදම් ශක්තිමත් වන ගුණදම් පිරි යුගයක් ප‍්‍රාර්ථනා කරන බවද අග‍්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවිඩයේ සඳහන්. 

------------------

මිනිස් වර්ගයා අතර සංහිදියාව සහ සහජීවනය ඇතිවීමටද මංපෙත් පාදන දිනයක් වන ශිව රාතී‍්‍ර දිනයෙන් අරුත් ගන්වන්නේ මානව සංහතියේ ශාන්තිය බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.