Wednesday, April 17, 2024

General line - 0115112241

නාවුල බස් රථ අනතුරෙන් ළමයෙකු ඇතුළු දෙදෙනෙකු මරුට - 47 ක් රෝහලේ (PHOTOS)

ඉන්දික කුමාර / අශෝක එරමිණිගම්මන




ඒ නවය ප්‍රධාන මාර්ගයේ නාවුල, නාලන්ද ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරෙන් ජීවිතක්‍ෂයට පත් වූ සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරට 11 හැවිරිදි ළමයෙකු ද අයත්. කාන්තාවක්ද අනතුරෙන් ජීවිතක්‍ෂයට පත් වුණා. අනතුරෙන් 47 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ප්‍රතිකාර සදහා ඇතුළත් කෙරුණේ නාලන්ද, දඹුල්ල සහ මාතලේ යන රෝහල්වලටයි. තුවාල ලැබූවන්ගෙන් 25 දෙනෙකු මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

නාලන්ද සුදර්ශි විද්‍යාලය අසලදී අද පෙරවරු 7 ට පමණ මෙම අනතුර සිදුවුණා. ඒ, පෞද්ගලික බස් රථ 2 ක් මුහුණට මුහුණ ගැටීමෙන්. මෙලෙස ගැටී ඇත්තේ දඹුල්ල විහාර හන්දියේ සිට ශ්‍රීපාද වන්දනා චාරිකාවක් සදහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් සහ මහනුවර සිට මඩකලපුව බලා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක්. බස් රථයක පිටුපසින් කන්ටේනර් රථයක්ද ගැටී ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
 

............................................................................

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී මාරක අනතුරක් (PHOTOS)

(21-02-2020 08:43)

දඹුල්ල මාතලේ A 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී අද (21 ) දින උදැසන පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් වහාම ළඟම පිහිටි රෝහල් වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන තෙක් නිශ්චිතව කිව නොහැකි බවයි වාර්තාකරු සඳහන් කළේ.

දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනා චාරිකාවක් සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හා මහනුවර සිට මඩකලපුව යමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් හත්දෙනෙකු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.