Thursday, April 25, 2024

General line - 0115112241

ලංකාවට බලපෑම් කිරීමේ හැකියාවක් නැති බව නීතිවේදීන් පෙන්වයි




30/1 යෝජනාවලියෙන් ඉවත් වීම හේතුවෙන් ශී‍්‍ර ලංකාවට බැලපෑම් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරියට හැකියාවක් නොමැති බව නීතිවේදී මහාචාර්ය නීතිඥ ප‍්‍රතිභා මහානාමහේවා පවසනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් මානව හිමිකම් කවුන්සිලයේ මීලග සැසිවාරයට ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවට විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණ කළා.

ඒ, පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මහාචාර්ය නීතිඥ ප‍්‍රතිභා මහානාම හේවා මේ බව කියා සිටියා. 

රියර් අද්මිරාල් සරත් වීරසේකර ද මේ සම්බන්යෙන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව අනව්‍ය ලෙස බිය විය යුතු නැති බවයි.

30/1 යෝජනාවලියෙන් ඉවත්වීම නීත්‍යානුකූල බව ද රියර් අද්මිරාල් සරත් වීරසේකර වැඩිදුරටත් පෙන්වා දුන්නා.