Thursday, April 18, 2024

General line - 0115112241

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ චෝදනාවකට ආරක්ෂක අමාත්‍යංශයෙන් පිළිතුරු




අතුරුදන්වූ පුද්ගලයින්ගේ පවුල් පිළිබඳ පසු විපරම් සිදුකරන බවට “හියුමන් රයිට්ස් වොච්” සංවිධානය සිදුකරන චෝදනා ආරක්ෂක අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරනවා.

එම සංවිධානය නිකුත් කළ නව වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ බලහත්කාරයෙන් අතුරුදන්වූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහය දක්වන ක්‍රියාකාරීන්ට එරෙහිව පසුවිපරම් කිරීම් හා තර්ජන 2019 වසරේ නොවැම්බරයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වූ දා සිට තිව්‍ර කර ඇති බවයි.

එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ. සාමාන්‍ය ආරක්ෂක ජාලය හැරුනුවිට ආරක්ෂක සහ බුද්ධි අංශ කිසිඳු නිශ්චිත පිරිසක් අධීක්ෂණය කිරීමේ කටයුතුවල නිරත නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළ බව ද එම නිවේදනයේ සඳහන්.