Friday, March 29, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් "සිපිරි ගෙදරින් සුපිරි ගෙදරට" පළමු වැඩසටහන අනුරාධපුරයෙන් ඇරඹේ




බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට දායකත්වය ලබාදෙමින් බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ විශේෂ පුහුණු වැඩසටහනක් ඊයේ (21) අනුරාධපුර බන්ධනාගාරයේදී පැවැත්වුණා. ඒ, සිපිරි ගෙදරින් සුපිරි ගෙදරට යන තේමාව යටතේයි. බන්ධනාගාර නිලධාරීන්ට සතුටින් තම රාජකාරී සිදුකිරීමට හා නිවැරදි නායකත්ව ගුණාංග මෙන්ම කණ්ඩායම් හැගීම පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා දේශන 

ඒ යටතේ පැවැත්වුණා. එම වැඩසටහන පිළිබඳ අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

එම වැඩසටහනට එක්වූ බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු ද ඒ පිළිබඳ අදහස් පළ කළා.