Thursday, April 25, 2024

General line - 0115112241

රනිල් හෝ තමන් ජාතික ලැයිස්තුවෙන් නොඑන බව දයා ගමගේ කියයි




එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ තමන් එළඹෙන මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ පවසනවා.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සිව්දෙනෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වෙත දැනුම් දීමක් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුණා.

එලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ඉල්ලා ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, දයා ගමගේ සහ නවීන් දිසානායක යන සිව්දෙනා සඳහා බවටයි  එම වාර්තාවල දැක්වුණේ. ඒ පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.