Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වන්ගෙන් සාර්ථක ආරම්භයක්




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී මේවනවිට පැවැත්වෙනවා. කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දෙනු ලැබුවේ කොදෙව් කණ්ඩායමයි. 

කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර 50ක් අවසානයේ කඩුළු 07 කට ලකුණු 289 ක් වාර්තා කළා. ආරම්භක පිතිකරු ෂායි හෝප් ලකුණු 115 යි. රොස්ටන් චේස් ලකුණු 41 ක් වාර්තා කළා. සුනිල් ඇම්බ්‍රිස් ලකුණු 03 කට දැවී ගිය අතර ඩැරන් බ්‍රාවෝ ලකුණු 39 කට දැවී ගියා. 

පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 82 කට කඩුලු 03ක් දවා ගනු ලැබුවා. වසර 03කට පමණ පසුව කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී එක්දින තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.