Thursday, March 28, 2024

General line - 0115112241

කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) සමත් වුණා. තරඟය පැවැත්වුණේ කොළඹ ීක්‍ ක්‍රීඩාංගණයේදීයි. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 289 ක් රැස් කරගත්තා. එහිදී ආරම්භක පිතිකරු ශායි හෝප් ලකුණු 115 ක් රැස් කරගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 82 කට කඩුලු 3 ක් දවා ගත්තා. 

ලකුණු 290 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජය ගත්තේ පන්දුවාර 49 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 9 ක් දැවී තිබියදීයි. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක සබඳතාවක් ගොඩ නැගීමට අවිශ්ක ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න සමත් වුණා. අවිශ්ක ලකුණු 50 කට දැවී ගිය අතර දිමුත් ලකුණු 52 ක් රැස් කළා. 

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු කඩුලු 06 ලකුණු 104 ක් තුළ බිඳ වැටීමත් සමග ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ඈත් වුණා. 08 වන කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි වනිඳු හසරංග එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 39 කදී නොදැවී ලකුණු 42 ක් රැස් කර ගනිමින්. තරඟයේ වීරයා ලෙස ද වනිඳු හසරංග නම් කෙරුණා.