Saturday, April 20, 2024

General line - 0115112241

කළුතර පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය බෙදූ පිරිසක් පොලිස් දැලේ




කළුතර ප්‍රදේශයේ පාසල්වල දරුවන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය බෙදාහරින කන්ඩායමක් සමග මත්පෙති හා හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරක් අනුව සිදුකල විමර්ශනයකදීයි. කළුතර උතුර නාගස් හංදියේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම සැකකරුවන්ගෙන් කල ප්‍රශ්න කිරීම් අනුව සිදුකල සෝදිසි කිරීමේදී ඔවුන් සතුව තිබී මත් පෙති 2 300 ක් ද සොයා ගැනුණා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදු කෙරුණා.

මේ අතර තලෙයිමන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 205 යි ග්‍රෑම් 445 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පේසාලේ පොලිසියට ලද තොරතුරකට අනුවයි. සැකකරු ලබන 27 වනදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කළේ.