Saturday, April 20, 2024

General line - 0115112241

ආනයනික ලොකු ළුෑණු වෙනුවෙන් උපරිම මිලක් හෙට සිට




ආනයනික ලොකු ළුෑණු කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. ඒ අනුව ලොකු ළුෑණු කිලෝවක් අලෙවි කළ හැක්කේ රුපියල් 190 කටයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා. 

මේ අතර ලොකු ළුෑණු මිල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අද අදහස් පළ කළා. 

ආනයනික ලොකු ළුෑණු කිලෝවක් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල හෙට සිට ක්‍රියාත්මකයි.