Thursday, March 28, 2024

General line - 0115112241

නෙත් මෙහෙයුම අනුරාධපුරයෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට




බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව සහ මාධ්‍ය හා කළමනාකරණ කලා පාසල එක්ව සංවිධාන කළ තවත් විශේෂ පුහුණු වැඩසටහනක් ඊයේ (23) වැලිකඩ බන්ධනාගාරයේදී පැවැත්වුණා.

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට දායකත්වය ලබාදීමේ අරමුණින් කි‍්‍රයාත්මක මෙම වැඩසටහනේ තේමාව ”සිපිරි ගෙදරින් සුපිරි ගෙදරට” යන්නයි. 

බන්ධනාගාර නිලධාරීන්ට සතුටින් සිය රාජකාරී සිදුකිරීමට සහ නිවැරදි නායකත්ව ගුණාංග මෙන්ම කණ්ඩායම් හැගීම පිළිබඳ ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම් එහිදී පැවැත්වුණා.

ඒ, හරවත් දේශන ද සමගයි. කොළඹ පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බන්ධනාගාර අධිකාරී යූ. බී. වලිසුන්දරගේ සහ එහි පුහුණු අංශ භාර ජේලර් පුබුදු ගාල්ලගේ යන නිලධාරීන්ගේ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වුණා. 

”සිපිරි ගෙදරින් සුපිරි ගෙදරට” තේමාව ඔස්සේ කි‍්‍රයාත්මක මෙම වැඩසටහනේ පළමු වැන්න ඉකුත්දා පැවැත්වුණේ අනුරාධපුර බන්ධනාගාරයේදීයි.

(අනුරාධපුර බන්ධනාගාරයේ පැවැති වැඩසටහනේ ඡායාරූප පහතින්)