Friday, April 19, 2024

General line - 0115112241

අපි හකීම් එක්ක එකතු වෙන්නේ නැහැ : ජවිපෙ කියයි




පසුගිය 23වැනි දින මහනුවර පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ සමුළුවක් අමතමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකීම් කරන ලදැයි පැවසෙන ප්‍රකාශය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවට ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර සිටිනවා.

" එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ සිවිල් සංවිධාන සමග සන්ධාන ගතව තරග වැදීම පිළිබඳව තම පක්ෂය සලකා බලමින් සිටින බවත් ඒ පිළිබඳ දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇති බව ඊයේ මහනුවර දී පැවති පක්ෂ සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකීම් ප්‍රකාශ කර සිටියා.

මෙම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර බවත් එය හුදු රාවුෆ් හකීම් මන්ත්‍රිවරයා ගේ අදහසක් පමණක් බවයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර සිටියේ.

දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමඟ සන්ධානයක් ලෙස තරග වැදීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටිනවා. එසේම මෙම පක්ෂ සමග මැතිවරණ සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ අදහසක ජනතා විමුක්ති පෙරමුණ නොමැති අතර එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ තරග වදින්නේ ජ.වි.පෙ.ද ඇතුළත් ජාතික ජන බලවේගය ලෙස බවයි නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර සිටින්නේ.