Friday, April 19, 2024

General line - 0115112241

අද සිට රථ වාහන හැසිරවීමට පොලිසියේ සහයට යුධ හමුදාව එක්වේ




දිනපතා වැඩිවෙන මාර්ග තදබදයට පිලියමක් ලෙස රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා යුධ හමුදාව අද (24) සිට සේවයට එක් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම වැඩපිලිවල අද සිට ක්‍රියාත්මක කිරිමට උපදෙස් ලබාදී තිබෙනවා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කර සිටියේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෙරවරුවේ සහ පස්වරුවේ ඇතිවන මාර්ග තදබදය අවම කරලීමේ අරමුණින් රථ වාහන පොලිසියේ සහය සඳහා යුධ හමුදාවේ පොලිස් රෙජිමේන්තුවේ නිලධාරින් අනියුක්ත කරන බවයි.

ඒ අනුව වැඩි වශයෙන් මාර්ග තදබදය පවතින කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෙරවරු 7 සිට 10 දක්වා ද, සවස 4 සිට 7 දක්වා යුධ හමුදා පොලිසියේ නිලධාරින් රථ වාහන හැසිරවීමේ රාජකාරියට එක්වෙනු ඇති.