Friday, April 19, 2024

General line - 0115112241

වනඅලි රැක ගැනීමට ගොණු කළ රිට් පෙත්සමක් සළකා බැලීම සදහා දින නියම කෙරේ




වනඅලි ආරක්‍ෂා කිරීම සදහා ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කරන්නැයි පරිසර බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්‍ද්‍රය අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොණුකර තිබෙනවා. විනිසුරු අර්ජුන ඔබේසේකර අද (24) නියෝග කළේ ලබන මස 26 වනදා මෙම රිට් පෙත්සම සළකා බැලීමටයි.

පරිසර අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.