Tuesday, April 16, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය නිසා ඉතාලියේ මරණ 05ක් : ලාංකිකයින්ගේ සහයට විශේෂ දුරකථන අංක දෙකක් ස්ථාපිත කරයි




ඉතාලියේ පැතිරෙමින් යන නව කොරෝනා වෛරසය හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි පිහිටි කොන්සියුලර් කාර්යාලය සමග එක්ව විශේෂ වැඩපිළිවලක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

මේ වන විට ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල්වී ඇති බැවින් එහි වෙසෙන ලාංකිකයින් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කොට ඇති බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

මේ වන විට ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් 104,000ක් පමණ ජිවත් වන ඉන් සියයට 60 ක් ලොම්බාර්ඩි ප්‍රදේශයේයි. ඉතාලියේ වෙසෙන කිසිදු ලාංකිකයෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු නොවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

උතුරු ඉතාලියේ සංචාරය කිරිමට බලාපොරොත්තුවන ලාංකිකයින්ට සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී සිටිනවා. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය සහය දැක්වීමට සඳහා රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විශේෂ දුරකථන මාර්ග දෙකක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව 0039-06-884-0801 සහ 0039-06-885-4560 යන දුරකථන අංක ඔස්සේ ලාංකිකයින්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකිය.

මේ වන විට ඉතාලියේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර රෝගීන් 219ක් වාර්තා වනවා.