Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රබල ක්‍රිකට් තරු ගැන ජනපති ට්‍රම්ප් කියූ දේ




ඉන්දියාවේ සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (24) ඉන්දීය ජනතාව අමතනු ලැබුවා. ඒ, ගුජරාටි ප්‍රාන්තයේ විශාලම නගරය වන අහමදාබාද්හි පැවති අති විශාල ජන හමුවකදීයී. මේ සඳහා එක්ලක්ෂ විසිපන්දහසකට වඩා ජනකායක් සහභාගි වී සිටියා.

මෙම ජනහමුව පැවැත්වුණේ අහමදාබාද්හි මොටේරා ප්‍රදේශයේ අලුතින් ඉදිකළ සර්දාර් පටේල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. සර්දාර් පටේල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හඳුන්වන්නේ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසයි. එහි ආසන ගණන එක් ලක්ෂ දස දහසක්. ඊයේ පැවති උත්සවයට එක්ව සිටි ජනකාය එක් ලක්ෂ විසි පන්දහසකට අධික බව පැවසෙනවා. ගුජරාට් ක්‍රිකට් සංගමයට අයත් මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා වැය වූ මුදල ඉන්දියානු රුපියල් කෝටි 700ක්. 

මෙහි පුහුණු කිරීම් සඳහා වෙනම ක්‍රීඩා පිටි තුනක්, ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් ක්‍රීඩාංගනයක්, ටෙනිස්, බැඞ්මින්ටන්, ස්කොෂ්, ටේබල් ටෙනිස් ක්‍රීඩාංගන සහිත ගෘහස්ථ ක්‍රීඩා පිටියක්, කාමර 50කින් යුතු නවාතැන්පලක්, ව්‍යායාම් මධ්‍යස්ථාන 5ක් සහ 3 ෘ තාක්ෂණයෙන් යුතු නවීන සිනමා ශාලාවක් පවතිනවා. මීට අමතරව මෝටර් රථ 3000ක් සහ මෝටර් බයිසිකල් 10000ක් නැවැත්වීමට හැකි වාහන නැවතුම්පොළක්ද ඊට ඇතුළත්. 

මෙම දැවැන්ත ක්‍රීඩාංගනය ඊයේ විවෘත කරනු ලැබුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින්. ජනාධිපතිවරයා සහභාගි වූ මෙම ජනහමුව නම් කොට තිබුනේ නමස්තේ ට්‍රම්ප් යනුවෙන්. 

දේශපාලන වශයෙන් ඉතා වැදගත් සිය විනාඩි 25ක  කථාව අතරතුර ට්‍රම්ප් විසින් සචින් ටෙන්ඩුල්කාර්, විරාත් කෝලි මෙන්ම බොලිවුඞ් සිනමාවේ වාර්තාගත චිත්‍රපටය වන DDLG හෙවත් දිල්වාලේ දුල්හානියා ලෙජායින් ගේ වැනි චිත්‍රපට පිළිබඳවද මතක් කිරීමට අමතක කර තිබුණේ නැහැ.