Saturday, April 20, 2024

General line - 0115112241

කොළඹ - බදුල්ල අතර නව දුම්රියක් ධාවනයට එක්කිරීමට සැලසුම්

රංජිත් රාජපක්ෂ - හැටන්




කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ දක්වාත් දිනපතා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියට අමතරව විශේෂ දුම්රියක් ධාවනයට එක්කරන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක පවසනවා. චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය එන්ජින් සහ මැදිරි ඉකුත් දිනවල කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පරීක්ෂණ චාරිකාවක් සඳහා ධාවනය කරවනු ලැබුවා.

එය සාර්ථකව නිමාකර ඇති බැවින් කොළඹ කොටුව සහ බදුල්ල අතර රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියක් ලෙස නව දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යව සී බී රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.