Tuesday, April 23, 2024

General line - 0115112241

හමුදාව යොදා ගන්නේ ලංකාවේ පරිපාලනය අසාර්ථක නිසාද ? ජවිපෙ මන්ත්‍රිවරයෙක් අසයි 




ශ්‍රී ලංකාව පරිපාලනමය වශයෙන් අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙනවාද? යන්න ට්විටර් සටහනක් තබමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක ප්‍රශ්න කර සිටිනවා.

" රටේ ජනාධිපතිවරයා හිටපු හමුදා නිලධාරියෙක්. ඊට අමතරව ආරක්ෂක ලේකම්වරයා, කොළඹ වරාය, ගුවන් තොටුපල ප්‍රධානින් ලෙස පත් කර සිටින්නේ හිටපු හමුදා ප්‍රධානින්. මිට අමතරව රැකියා ලක්ෂය ලබාදීම, වී මිලදී ගැනීම් සහ රථ වාහන පාලනය සඳහා පත්කර ඇත්තේද හමුදාවයි. සාමාන්‍ය තත්වයක් තුල රටක දෛනික සිවිල් කටයුතු මෙහෙයවීම සඳහා හමුදා භාවිතා කරන රටක් ගැන මින් පෙර අසා තිබෙනවද? 

විනය යැයි අප පවසන විට මූල්‍ය, සම්පත් කළමනාකරණය සහ ආයතන ගොඩනැඟීමේ සිවිල් පරිපාලකයින්ට වඩා හමුදා නිලධාරීන් වඩා හොඳ බව අපට තහවුරු කිරීමට නිශ්චිත කරුණු තිබෙනවාද?

සාමාන්‍යයෙන් වඩාත්ම දූෂිත හා අතිශයින් අසාර්ථක රාජ්‍යයන්ගෙන් බහුතරය මා දන්නා පරිදි හමුදා පාලන තන්ත්‍රයන් වූ බව ප්‍රකාශ කර සිටින ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි  උදාහරණ ලෙස අප්‍රිකාව, මින්මාර් වැනි රටවල් ඊට නිදසුන්.

සිවිල් පරිපාලනය සඳහා හමුදා සහය ලබා ගත් පාකිස්තානය, ඊජිප්තුව වැනි රටවල්ද අසාර්ථක බවයි මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කර සිටියේ.