Thursday, April 25, 2024

General line - 0115112241

ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දීමට බුද්ධි මණ්ඩලයක් ඉල්ලයි




ජාත්‍යන්තරව ඇතිවන අභියෝගවලට මුහුණ දිම සඳහා සහය ලබා ගැනීමට බුද්ධි මණ්ඩලයක් ස්ථාපිත කරන ලෙස ගෝලීය ශී‍්‍ර ලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂ ශාමේන්ද්‍ර වික‍්‍රමආරච්චි රජයට යෝජනා කරනවා.

ඔහු මෙම යෝජනාව කළේ ඊයේ (25) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයේදියි.

හෙළ රණවිරු බලමුළුවේ කැඳවුම්කරු රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරද මෙම සංවාදයට එක් වුණා.

ඔහු පෙන්වාදුන්නේ දෙමළ ඩයස්පෝරාවේ හැසිරීම පිළිබඳව ද තවදුරටත් විමසිල්ලෙන් සිටීමද වැදගත් වන බවයි. ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයන් ඇති කිරීමට දෙමළ ඩයස්පොරාව ඉදිරියේදීද කටයුතු කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඊයේ රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ්‍රවණය කළ හැකියි.