Friday, March 29, 2024

General line - 0115112241

කුසල්ට අද තරගය විශේෂ වෙයි




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද (26) පැවැත්වෙනවා.

දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී එක්දින තරගයක් පැවැත්වෙන්නේ වසර 2කට පසුවයි. එමෙන්ම එම කී‍්‍ර‍ඩාංගණයේ දිවා රාති‍්‍ර තරගයක් වසර 5කට පසු පැවැත්වීමද විශේෂත්වයක්.

අවසන් වරට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරග දෙක සිම්බාබ්වේ කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා.

මෙම කී‍්‍රඩාංගණයේ මේ දක්වා ශී‍්‍ර ලංකා කණ්ඩායම කී‍්‍රඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 19ක්. ඉන් තරග 8ක් ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග 8ක් පරාජයට පත් වුණා.

කොදෙව් කණ්ඩායම හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ එක්දින තරගයක් සඳහා එක්වන්නේ පළමු වරටයි.

මේ අතර අද තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරාට සුවිශේෂී තරගයක්. ඒ, ඔහු අද සිය කි‍්‍රකට් දිවියේ සියවැනි එක්දින තරගයට එක්වීම හේතුවෙන්. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා අද තරගයට කී‍්‍රඩා කිරීමත් සමග ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින තරග සියයක් කී‍්‍රඩා 28 වැනි කී‍්‍රඩකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්වනු ඇති. 

අවසන් වරට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින තරග සියයක් කී‍්‍රඩා කර තිබුණේ චාමර කපුගෙදරයි. දැනට කණ්ඩායමේ සිටින කී‍්‍රඩකයින් අතරින් එක්දින තරග සියයක් කී‍්‍රඩා කළ කී‍්‍රඩකයින් වන්නේ ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා පමණයි. 

මේ අතර හම්බන්තොට සූරියවැව පැවැත්වෙන කොදෙව් - ශී‍්‍ර ලංකා දෙවන එක්දින ක‍්‍රිකට් තරගය නැරඹීමට පැමිණෙන පේ‍්‍රක්‍ෂකයින් සඳහා විශේෂ ප‍්‍රවාහන සේවයක්ද කි‍්‍රයාත්මක කෙරෙනවා. ඇඹිලිපිටිය, අම්බලන්තොට සහ හම්බන්තොට සිට සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණය දක්වා ලංගම බස් රථ ද යොදවා ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ.