Saturday, April 20, 2024

General line - 0115112241

කොදෙව්වන්ට එරෙහි දෙවනි තරගයේදී ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවත්වෙනවා. කාසිය වාසිය හිමිකරගත් බටහිර කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 06ක් අවසානයේ කඩුලු 02 ට ලකුණු 22 ලබා සිටියා. නායක දිමුත් කරුණාරත්න රැස් කළේ එක් ලකුණක් පමණයි. අද දිනයේ තම සියවන එක් දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා දැවී ගියා.

 

...................................................................

කොදෙව් - ශ්‍රී ලංකා දෙවන එක්දින ගැටුම පස්වරුවේ

(26-02-2020 12:36)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද (26) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි වාර්තා වනවා. තරගය අද පස්වරු 2.30 ට ආරම්භ වන්නේ හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදීයි.

පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය අද තරගයේදී ක්‍රීඩකයන්ට බලපෑමක් එක් කරනු ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකි ආතර් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ දිනවල උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බැවින් සිය වෛද්‍ය අංශ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විජලනයෙන් ගොඩ ගැනීම සඳහා සුවිශාල කාර්ය භාරයක් සිදු කරන බවයි.  

හම්බන්තොට, සූරියවැව ක්‍රිඩාංගණයේ අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා සිය එක්දින දිවියේ සහභාගි වන සිය වන තරගයද වනවා.