Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා නිසා ප්‍රංශයත් කැළඹේ




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීමෙන් අද පලමු වරට ප්‍රංශ ජාතිකයෙකු මියගියා. මෙලෙස මියගොස්  ඇත්තේ 60 හැවිරිදි වියේ පසු වූ පැරිස්නුවර වාසය කළ පුද්ගලයෙක්. මේ අතර නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති මැදපෙරදිග කළාපයේ රට බවට ඉරානය පත්ව තිබෙනවා.

ඒ ඉරානයෙන් වාර්තා වන නව කොරෝනා මරණ සංඛ්‍යාව 19 ක් දක්වා ඉහල යාමත් සමගයි. ඉරානයෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 135 ක්. ඉරානයේ සෞඛ්‍ය කටයුතු පිලිබද නියෝජ්‍ය අමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ද නව කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා. 

මේ අතර පිලිපීනය එරට වැසියන්ට දකුණු කොරියාවේ සංචාරය කිරීම තහනම් කර තිබෙනවා. ඒ දකුණු කොරියාවෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 1200 ඉක්මවා යාමත් සමගයි. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඬේගු නගරයෙන්.