Friday, March 29, 2024

General line - 0115112241

කොදෙව්වන්ට එරෙහිව ශී‍්‍ර ලංකාව සූරියවැවදී දැවැන්තම ජය ලබයි




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 161 ක දැවැන්ත ජයක් වාර්තා කිරිමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ සමත් වුණා.

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකාව ලද මෙම ජයග‍්‍රහණය සටහන් වූයේ කොදෙව් කණ්ඩායමට එරෙහිව ශී‍්‍ර ලංකාව ලද දැැවැන්තම ජයග‍්‍රහණය ලෙසටයි. ඒ අනුව තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 2 ට බින්දුවක් ලෙස මෙම තරගාවලිය ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 345ක්. එය වාර්තා වූයේ කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ‍්‍රී ලංකා පිල වාර්තා කළ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

මෙම තරගයේදී යොවුන් කී‍්‍රඩකයින් වන අවිශ්ක ප‍්‍රනාන්්දු සහ කුසල් මෙන්ඩිස් ශතක වාර්තා කිරීමද කැපී පෙනුනා. ඔවුන් දෙදෙනා ලකුණු 239ක සබදතාවක් ගොඩනැගූ අතර එය වාර්තා වූයේ 3 වැනි කඩුල්ල සදහා ශී‍්‍ර ලංකා පිතිකරුවන් දෙදෙනෙකු වාර්තා කළ වැඩිම ලකුණු සබදතාව ලෙසටයි.

එමෙන්ම මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 345 ට කිසිදු හයේ පහරක් ඇතුළත් වූයේ නැහැ. ඒ අනුව එම ලකුණු සංඛ්‍යාවද වාර්තා වූයේ හයේ පහරක් නොමැතිව කණ්ඩායමක් එක්දින තරගයක රැස් කළ වැඩි ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

ලකුණු 346ක ජයග‍්‍රාහී ඉලක්කක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 184කට සීමා කිරිමට වනිදු හසරංග ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

කොදෙව් ඉනිම වැඩිම ලකුණු ලාභියා වූ ෂායි හෝප් රැස් කළ ලකුණු සංඛ්‍යා 51ක්. සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 30කට කඩුලූ 3ක් බිද හෙලූවා. ලක්ෂාන් සදකැන් ලකුණු 57කට කඩුලූ 3ක් බිද හෙලූ අතර නුවන් ප‍්‍රදීප් ලකුණු 37කට කඩුලූ 2ක් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ අවිශ්ක ප‍්‍රනාන්දුයි. කොදෙව් ශී‍්‍ර ලංකා 3 වන සහ අවසන් එක්දින තරගය මාර්තු මස පළමුවැනිදා පල්ලේකැලේ කීී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.