Thursday, March 28, 2024

General line - 0115112241

කී‍්‍රඩා ලෝලීන්ට සූරිය වැව සිදුවූ පහරදීම ගැන කී‍්‍රඩා ඇමති සමාව අයදී




හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ඊයේ පැවති කොදෙව් - ශී‍්‍ර ලංකා දෙවන එක්දින තරගය නැරඹීමට පැමිණි කී‍්‍රඩාලෝලීන්ට එම කී‍්‍රඩාංගණයේ පිවිසුම් දොරටුව අසලදී ආරක්‍ෂක අංශ විසින් සිදුකළ පහරදීම සම්බන්ධයෙන් තමන් එම කී‍්‍රඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටින බව කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් කී‍්‍රඩා අමාත්‍යවරයා සදහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන්ගෙන්ද කරුණු විමසීමක් සිදුකරන බවයි.

වසර 5 කට පසු හම්බන්තොට පැවති මෙම දිවා රාතී‍්‍ර එක්දින කි‍්‍රකට් තරගය නැරඹීමට පැමිණි කි‍්‍රකට් ලෝලීන්ට මෙලෙස පහරදීම තමන් හෙළා දකින බවද කී‍්‍රඩා අමාත්‍යවරයා සදහන් කළා.