Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා නිසා රන් පවුමක මිලත් ඉහළට 

රංජිත් රාජපක්ෂ




දේශිය වෙලදපොලේ රන් පවුමක මිල රුපියල් අසුදහස (රු.80,000) දක්වා ඉහල ගොස් ඇති බව ස්වර්ණාභරණ වෙලදුන් පවසනවා. පැතිර යන කොරෝනා රෝගය හේතුවෙන් කොටස් වෙලදපොල ගණුදෙනු පහත වැටිම නිසා රත්තරං සදහා ඇති ඉල්ලුම ඉහල යාමත්, ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම දේශිය වෙලදපොලේ රන් පවුමක මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි ස්වර්ණාභරණ වෙලදුන් සඳහන් කර සිටින්නේ.

දිවයිනේ නිෂ්පාදනය කරනු ලබන ස්වර්ණාභරණ විශාල ප්‍රමාණයක් නිතියානුකුල නොවන ආකාරයට ඉන්දියාවට රැගෙන යන බවත්, දේශිය වෙලදපොලේ රැදිය යුතු රන් ආභරණ මෙසේ නිතියානුකුල නොවන ආකාරයට ඉන්දියාව වෙත රැගෙන යන නිසා ඉල්ලුමට සරිලන රන් භාණ්ඩ දේශිය වෙලදපොලේ නොමැතිවීම මෙසේ රන් පවුමක මිල ඉහල ගොස් ඇති බවයි වෙලදුන් කියා සිටින්නේ.