Friday, April 19, 2024

General line - 0115112241

ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පහරදුන් සිදුවීම ගැන පරීක්ෂණ කළ යුතුයි - මන්ත්‍රි නාමල් රාජපක්ෂ




ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ හම්බන්තොට, සුරියවැව ක්‍රීඩාංගනයේදී පැවති දෙවන එක්දින තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

ට්විටර් සටහනක් තබමින් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටින්නේ එම පහරදීම තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි. එමෙන්ම එවැනි සිදුවීම් යලි ඇතිනොවීමට රජය කටයුතු කළ යුතු බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සඳහන් කර සිටින්නේ.

වසර දෙකකට පසුව හම්බන්තොට ක්‍රීඩාංගණයේ පැවති මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා 35000 කට ආසන්න ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ සිටියා.
සේවකයින්ගේ හිඟකම හේතුවෙන් ප්‍රවේශ පත් නිකුත් කිරිම සඳහා විවෘත කර තිබුනේ කවුන්ටර් දෙකක් පමණක් වීම නිසා ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රීඩාංගණ සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් හට ගැණුන බවයි වාර්තා වන්නේ.

ඒ අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරිම සඳහා ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරින් සහ ක්‍රීඩාංගනයේ ආරක්ෂක නිලධාරීන් එක්ව තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට පහරදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ තැබූ ට්විටර් සටහන පහතින් දැක්වේ.